LPL යන්න දොර වැසූ බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පාකිස්තානයට දොර අරියි

Date:

ටමිම් ඉක්බාල් සහ මහ්මුදුල්ලාට පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දීමට සූදානම් බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු 20යි 20 තරගාවලිය සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ඝට්ටනය නොවීම හේතුවෙන් මෙලෙස ඒ සදහා අවසර ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් ටමිම් ඉක්බාල් සිය කණ්ඩායමට ලබා ගැනීමට තීරණය කර ඇත්තේ ක්‍රිස් ලින් වෙනුවටයි.

එමෙන්ම මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම විසින් මොයීන් අලී වෙනුවට මහ්මුදුල්ලා සිය කණ්ඩායමට තෝරා ගෙන තිබෙනවා.

මීට පෙර බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා නොදීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළා.

ඒ, එල්.පී.එල් තරගාවලිය බංග්ලාදේශ දේශීය තරග සමග ඝට්ටනය වීම හේතුවෙන්.

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහ්මාන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර ලබා දුන්නේ නැහැ.

ඒ, පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා තරග සංචාරය හේතුවෙන්.

කොරෝනා වසංගතය නිසා කල් දැමීමට සිදු වූ 2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ලබන 14 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...