Watch : කීපර් කරපු මෝඩ වැඩෙන් පස්සේ බංග්ලාදේශය සුපිරි පන්දුවාරය ජය ගත් හැටි

Date:

කටාර්හීදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ A කණ්ඩායම සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය A කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේදී තියුණු ජයක් ලබමින්.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 6 ක් දැවී ලකුණු 194 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 194 ක්.

අවසන් පන්දුවට තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 4ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවේදී ඔවුන් පළමුව ලකුණු දෙකක් සදහා පැති මාරු කර ගත්තා. ඒ අනුව තරගයේ ජය බංග්ලාදේශයට හිමි කර ගැනීමට අවස්ථාව පැවැති නමුත්, දෙවැනි ලකුණ වැළැක්වීමේ අරමුණින් කඩුලු රකින්නා විසින් අනවශ්‍ය ලෙස පන්දුව කඩුල්ලට විසි කිරීමක් සිදු කළා. එමගින් ලද අවස්ථාව ප්‍රයෝජනයට ගත් ඉන්දියාව තවත් ලකුණක් ලබා ගනිමින් තරගයේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට රැගෙන ගියා. (දර්ශන පහතින්)

අනතුරුව සුපිරි පන්දුවාරයේ පළමු පන්දු දෙකේදීම ඉන්දියාවේ කඩුලු දෙක ලකුණු බින්දුවකට දැවී යාම කැපී පෙනුණා.

බංග්ලාදේශයේ පළමු කඩුල්ල ද සුපිරි පන්දුවාරයේ පළමු පන්දුවේදීම දැවී ගියා. නමුත්, පසුව යොමු කෙරුණු වයිඩ් පන්දුවක් නිසා තරගයේ ජය බංග්ලාදේශය සතු වුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...