Watch : නොසිතූ භූ කම්පනයකින් දෙවැනි ටෙස්ට් තරගය සුළු වේලාවකට අත්හිටුවයි

Date:

බංග්ලාදේශය හා අයර්ලන්තය අතර ඩකාහීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයට භූ කම්පනයකින් බලපෑම් එල්ල වුණා.

රිච්ටර් පරිමාණ ඒකක 5.5 ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රිය ඩකා නුවර සිට නැගෙනහිර දෙසින් කිලෝ මීටර් 40 ක් දුරකින් පිහිටි Madhabdi නගරය ආශ්‍රිතව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

භූ කම්පනය හේතුවෙන් තරගය මිනිත්තු තුනක පමණ කාලයක් අත්හිටුවීමට සිදු වුණා.

බංග්ලාදේශයේ වේලාවෙන් 10.38 ට පමණ සිදු වූ මෙම කම්පනය නිසා කණ්ඩායම් දෙකේම විවේකාගාර හිස් වූ බවක් දක්නට ලැබුණා.

ප්‍රේක්ෂකයින් ද කඩිනමින් ප්‍රේක්ෂාකාගාරවලින් ඉවත් වූ අතර, මහල් පහකින් යුත් මාධ්‍ය කුටිය පිහිටි ගොඩනැගිල්ලේ සිටි පිරිස් ද ඉක්මණින් ඉන් ඉවත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම කම්පනයේ ප්‍රබලත්වය ඉන්දියාවේ කොල්කටා නුවරට ද දැනී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...