වනිදුගේ ආබාධය නිසා ශ්‍රී ලංකා සංචිතයට තවත් වෙනසක්

Date:

පාකිස්තානයේදී ආරම්භ වීමට නියමිත තුන්කොන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට පා දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැදවා තිබෙනවා.

ඒ, ඔහු මේ වන විට කටාර්හීදී පැවැත්වෙන නැගී එන ආසියානු ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටින පසුබිමකයි.

ඒ අනුව ඔහු එරට සිට පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.

පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී පාදයක ආබාධයකට ලක් වූ වනිදු හසරංග මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවිනුයි වියස්කාන්ත් මෙලෙස සංචිතයට නම් කර ඇත්තේ.

අද ආරම්භ වන තුන්කොන් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 20 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රාවල්පින්ඩිහීදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...