ශ්‍රී ලංකා සංචිතයට ප්‍රබල වෙනසක් වෙන්නද යන්නේ?

Date:

එළඹෙන පාකිස්තාන තරග සංචාරය අරමුණු කර ගනිමින් ධනංජය ද සිල්වා හා භානුක රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබෙනවා.

අදාළ සංචාරයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර, අනතුරුව ඇෆ්ඝනිස්තානය ද එක්වන තුන්කොන් විස්සයි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව නොවැම්බර් 11 වැනිදා ආරම්භ වන පාකිස්තාන සංචාරය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයට ධනංජය හා භානුක ඇතුළත් කර ඇති බවයි තේරීම් කමිටු සභාපති උපුල් තරංග සදහන් කර ඇත්තේ.

“ලෝක කුසලානය සඳහා අපිට 22 දෙනෙකුගෙන් පමණ යුත් සංචිතයක් ඉන්නවා. කණ්ඩායම තෝරාගත යුත්තේ එයින්. රාජපක්ෂ සහ සිල්වා දෙන්නාම ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ (High-Performance Centre) පුහුණුවීම්වල නිරතව සිටිනවා… ඔවුන් හොඳ තත්ත්වයක පසුවෙනවා.” යනුවෙන් තරංග සදහන් කළා.

නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 වටයේදී ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත් වූ පසුබිමකයි මෙලෙස ශ්‍රී ලංකා මූලික සංචිතයට ධනංජය හා භානුක කැදවා ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...