IPL වෙන්දේසිය ගැන තොරතුරු එළියට ; වනිදු, තීක්ෂණ ගැන දුක හිතෙන පුවතක්?

Date:

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් දෙවන හෝ තෙවන සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වනවා.

දෙසැම්බර් 13-15 අතර කාලයේදී බොහෝ දුරට වෙන්දේසිය පැවැත්වීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය අදියර දෙකේදී මෙන් මෙවර වෙන්දේසිය ද විදෙස් රටක පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

2023 වසරේදී වෙන්දේසිය ඩුබායිහීදී පැවැති අතර, 2024 වසරේදී එය පැවැත්වුණේ සෞදි අරාබියේ ජෙඩාහීදීයි.

බොහෝ විට මෙවර වෙන්දේසිය ඉන්දියාව තුළම පැවැත්වීමට තීරණය කිරීමට ද ඉඩක් ඇති බවටයි සදහන් වන්නේ.

කෙසේ වෙතත්, ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගන්නා හා නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නොවැම්බර් 15 වැනිදා වන විට ප්‍රකාශයට පත් කළ යුතුයි.

පසුගිය තරග වාරයේ අවසන් ස්ථාන දෙකට පත් වූ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් විසින් සිය සංචිතවලට විශාල වශයෙන් වෙනස්කම් සිදු කිරීමට ඉඩ ඇති බව ද සදහන්.

දීපක් හූදා, විජේ ශංකර්, රාහුල් ත්‍රිපාති, සෑම් කරන්, සහ ඩෙවෝන් කොන්වේ වැනි ක්‍රීඩකයින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් නිදහස් කරනු ඇති බවට වාර්තා පලව තිබෙනවා.

R. අශ්වින් IPL පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මේ වන විටත් චෙන්නායි පිලට ඉන්දීය රුපියල් කෝටි 9.75 ක් මුදලක් ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඉතිරි වී තිබෙනවා.

මතීෂ පතිරණ ද චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන අතර, ඔහු සම්බන්ධයෙන් චෙන්නායි හිමිකරුවන් කුමන තීරණයක් ගනු ඇත්දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මේ අතර, සංජු සැම්සන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඉවත් වීමට ඉඩ ඇති බවටයි වාර්තා පලව තිබුණේ. එමෙන්ම රෝයල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ මුදා හැරීමට සැලසුම් කර ඇති බවටද කතා බහක් ඇතිව තිබුණා. නමුත්, කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස නැවත පැමිණීමට සූදානම්ව සිටීමත් සමග එම අදහස වෙනස් විය හැකි බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...