වරුන් එකට එද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(17) නිවේදනය කළා.

ඊට අනුව නවතම විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දිනා ගැනීමට ඉන්දියාවේ වරුන් චක්‍රවර්තී සමත්ව තිබීම විශේෂත්වයක්.

ඔහු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 3 කින් ඉදිරියට පැමිණෙමින් මෙලෙස පළමු ස්ථානය දිනා ගෙන ඇති අතර, මීට පෙර ඉන්දීය ක්‍රීඩකයින් වන ජස්ප්‍රිට් බුම්රා හා රවී බිෂ්නෝයි ද T20I පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගෙන තිබුණා. ඒ අනුව වරුන් එම කඩඉමට පැමිණි තෙවැනි ඉන්දීය ක්‍රීඩකයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

T20I Bowling Rankings

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර T20 පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. වනිදු හසරංග තවදුරටත් එහි රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.

මහීෂ් තීක්ෂණ 17 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසුබැස ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ. මතීෂ පතිරණ තවදුරටත් 29 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බිනුර ප්‍රනාන්දු ස්ථාන 6කින් පසුබසිමින් 62 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

දුෂ්මන්ත චමීර ස්ථාන 33 කින් ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනෙනවා. ඔහු මේ වන විට 78 වැනි ස්ථානයයි හිමි කර ගෙන ඇත්තේ.

T20I Batting Rankings

පිතිකරුවන් අතර 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. කුසල් පෙරේරා 9 වැනි ස්ථානයේ රැදී සිටින අතර, කුසල් මෙන්ඩිස් රැදී සිටින්නේ 17 වැනි ස්ථානයේයි.

චරිත් අසලංක සම 53 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් පසුබැස ඇති අතර, කමිල් මිෂාර ස්ථාන 13 කින් ඉදිරියට පැමිණෙමින් 61 වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

දසුන් ශානක 86 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් තවදුරටත් පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...