පළමු තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම ගැන චරිත් කට අරියි

Date:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය අද(13) පැවැත්වෙනවා.

අබුඩාබිහීදී තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8:00 ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අවසන් වසර 10 තුළදී පැවැති විස්සයි 20 තරග 16 න් තරග 8 ක් ශ්‍රී ලංකාවත්, තරග 8 ක් බංග්ලාදේශයත් ජය ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සමස්ථයක් ලෙස දෙරට අතර මෙතෙක් පවත්වා ඇති විස්සයි 20 තරග 20 න් තරග 12 ක්ම ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

අද තරගය සදහා වනිදු හසරංග ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව නායක චරිත් අසලංක මාධ්‍ය හමුවේ සදහන් කර සිටියා. වනිදු ආබාධයකට ලක් වීම හේතුවෙන් අවසන් වරට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග රැසක් ඔහු අහිමි වුණා.

අද තරගය සදහා ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට නියමිතයි.

නුවන් තුෂාර ද අනිවාර්යයෙන්ම කණ්ඩායමේ සිටින බව චරිත් තහවුරු කළා.

පිතිකරණ ලැයිස්තුවේ අංක 3 ස්ථානය මෙම තරගයේදී ද කමිල් මිෂාරට හිමි වීමට නියමිතව ඇති අතර, කුසල් පෙරේරා අංක 4 ස්ථානයේ පන්දුවට පහර දෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...