කුසල් පෙරේරා පළමු 10 දෙනා අතරට ; නවතම ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න

Date:

නවතම ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව අවසන් විස්සයි 20 තරගයේදී දැක් වූ දක්ෂතා හේතුවෙන් නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබීම විශේෂත්වයක්.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තවදුරටත් රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි. කුසල් මෙන්ඩිස් 17 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇති බව අයි.සී.සීය ශ්‍රේණිගත කිරීම්හි සදහන්.

නායක චරිත් අසලංක ස්ථාන දෙකකින් පසුබසිමින් මේ වන විට රැදී සිටින්නේ 48 වැනි ස්ථානයේයි. සිම්බාබ්වේ පිලට එරෙහි තෙවැනි T20I තරගයේදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කළ කමිල් මිෂාර ශ්‍රේණිගත කිරීම්හි 74 වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

මෑතකදී යළි ජාතික කණ්ඩායමට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ස්ථාන 7 කින් පසුබසිමින් මේ වන විට රැදී සිටින්නේ 82 වැනි ස්ථානයේයි.

මේ අතර, ආබාධයක් හේතුවෙන් අවසන් වරට පැවැති විස්සයි 20 තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වනිදු හසරංග පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

නුවන් තුෂාර එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් 12 වැනි ස්ථානය දිනා ගෙන ඇති අතර, මහීෂ් තීක්ෂණ 14 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 3 කින්.

මතීෂ පතිරණ 29 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා. බිනුර ප්‍රනාන්දු 56 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 4 කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...