රාජස්ථානයත් ඉවතට – කණ්ඩායම් 4ක් ස්ථාන 3කට තවදුරටත් සටනේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැරීමට ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සිදු වුණා.

ඒ, ඔවුන් අද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 60ක පරාජයක් ලැබීම හේතුවෙන්.

තරගාවලියේ 54 වන තරගය ලෙසින් එම තරගය ඩුබායි හී දී පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කොල්කටා කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින්.

නායක ඔයින් මෝර්ගන් පන්දු 35කින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තේ හයේ පහර 6ක් ද සිය ඉනිමට ඇතුළත් කරමින්.

පන්දු යැවීමේ රාහුල් තෙවාටියා ලකුණු 25කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

ජොස් බට්ලර් ලකුණු 35ක් සහ රාහුල් තෙවාටියා ලකුණු 31ක් රැස් කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් ලකුණු 34කට කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව මෙම තරගය ආරම්භ කරන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි කොල්කටා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 14ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ පසුවනවා.

රාජස්ථාන් කණ්ඩායමට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

මේ වනවිට රාජස්ථාන්, චෙන්නායි සහ පංජාබ් යන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වී ඇති අතර, මුම්බායි කණ්ඩායම පමණක් අවසන් වටයේ ස්ථානය තහවුරු කර ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණූ සටහනේ පළමු ස්ථානය ද තහවුරු කර ගනිමින්.

ඒ අනුව අවසන් වටය සදහා තවත් කණ්ඩායම් තුනකට සුදුසුකම් ලැබිය හැකි අතර, ඒ සදහා දිල්ලි, බැංගලෝර්, කොල්කටා සහ හයිදරාබාද් යන කණ්ඩායම්වලින් කණ්ඩායම් තුනකට අවස්ථාව පවතිනවා.

BCCI / IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...