කඩුලු 6ක ජයක් සමගින් තරගාවලියේ ජය පාකිස්තානයට – Match Report

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවන තරගයෙන් පාකිස්තානය කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

රාවල්පින්ඩිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 45.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්තා.

ශෝන් විලියම්ස් ලකුණු 75ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 40කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 35.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදී යි.

බබාර් අසාම් නොදැවී ලකුණු 77ක් රැස් කළා.

දෙරට අතර තෙවන හා අවසන් එක්දින තරගය ලබන 3 වනදා රාවල්පින්ඩිහී දී පැවැත්විමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...