Watch : Hundred පළමු තරගයට නරියෙකු කඩා වැදීම නිසා ඇති වූ තත්ත්වය මෙන්න

Date:

ක්‍රිකට් තරගයක් අතරතුර අනාරාධිතව ක්‍රීඩා පිටියට ගොඩ වැදී තරගයට බාධා ඇති කරපු විවිධ අමුත්තන් පිළිබඳව ඔබට මතක ඇති.

ඒ අතර සුලබව සුනඛයන්, බළලුන් මෙන්ම ශ්‍රී ලංකාවේදී නම් සර්පයන් වැනි විවිධ සතුන් වාර්තා වී තිබෙනවා.

කිසිදිනක නරියෙකු ක්‍රිකට් තරගයකට අනවසරයෙන් ගොඩවැදී බාධා කළ අවස්ථාවක් පිළිබඳ ඔබට මතකයක් තිබෙනවාද ? එවැනි අවස්ථාවක් ඊයේ (5) වාර්තා වුණා. එයත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදීයි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන ” The Hundred ” ක්‍රිකට් තරගාවලියේ මෙවර අදියර ඊයේ ලන්ඩන්හී ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර, පළමු තරගයේදීයි මෙම සිදු වීම දැක ගත හැකි වුණේ.

ආරම්භක තරගය ලන්ඩන් ස්පිරිට් සහ ඕවල් ඉන්වින්සිබල් යන කණ්ඩා‍යම් අතර පැවත්වුණා. Oval Invincible කණ්ඩා‍යම පිතිකරණයේ නියැලෙමින් සිටි අතරවාරයේදීයි ක්‍රීඩා පිටියට කඩා වැදුනු නරියකු නිසා තරගය මදකට නතර කිරීමට සිදුවුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...