පංජාබ් කණ්ඩායමත් IPL තරගාවලියෙන් ඉවතට – Match Report

Date:

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට අද(1) සිදු වුණා.

ඒ, තරගාවලියේ 53 වන තරගයෙන් ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ කඩුලු 9කින් පරාජයට පත්වීමත් සමගයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි පිලේ නායක එම්.එස් දෝනිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.

පළමු කඩුල්ල සදහා ලකුණු 48ක සබදතාවයක් ගොඩ නැගීමට කේ.එල් රාහුල් සහ මයාන්ක් අගාර්වල් සමත් වුණත්, මැද පෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් පංජාබ් කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකි වූයේ නැහැ.

දීපක් හූදා පන්දු 30කින් ලකුණු 62ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රුටුරාජ් ගයික්වඩ් නොදැවී ලකුණු 62ක්, ෆෆ් ඩුප්ලෙසිස් ලකුණු 48ක් සහ අම්බටි රයිදු නොදැවී ලකුණු 30ක් ලබා ගනිමින් චෙන්නායි පිලට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

මෙය ඔවුන් අඛණ්ඩව ලැබූ තෙවැනි ජය වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, පංජාබ් කණ්ඩායමට මෙන්ම චෙන්නායි කණ්ඩායමට ද මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බැවින් මෙවර තරග වාරයේ එම කණ්ඩායම් දෙක ක්‍රීඩා කළ අවසන් තරගය වන්නේ මෙම තරගයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...