Watch : නොසිතූ පරාජයකට ඇද දැමූ එංගලන්තයේ අවසන් කඩුලු 4 මෙන්න

Date:

සංචාරක ඉන්දිය කණ්ඩා‍යම සහා එංගලන්ත කණ්ඩා‍යම ක්‍රීඩා කල 5 වන සහා අවසන් ටෙස්ට් තරගය අද(4) නිමාව දුටුවේ ඉන්දිය කණ්ඩා‍යමට ලකුනු 6 ක තියුණු ජයග්‍රහනයක් හිමිකරදෙමින්. එම ජයග්‍රහනයත් සමග තරගාවලිය 2-2 ක් ලෙස සමව අවසන් කිරීමට ඔවුන් සමත්වුනා.

තරගයේ 5 වන දිනයට තරගය අද ලන්ඩන් හී කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩා පිටියෙදී ආරම්භ වු අතර ලකුනු 374 ක් ජයග්‍රහනය වෙනුවෙන් හඹාගිය එංගලන්ත කණ්ඩා‍යමට ලබාගැනීමට අවශ්‍යව තිබුනේ ලකුනු 35 ක් පමනයි. ඉන්දිය කණ්ඩා‍යම කඩුලු 4 ක් අපේක්ෂාවෙන් පිටියට පිවිසි අතර ඔවුන් ලකුනු 6 ක් ඉතිරිව තිබියදී එම කඩුලු 4ම බිඳ හෙලමින් ජයග්‍රහනය වාර්තා කලා.

ජෙමී ස්මිත් දිනයේ යොමුකල දෙවන පන්දුවාරයෙදීම දැවීගිය අතර, ජෙමී ඕවර්ටන් කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවීගියා. ජොශ් ටොන්ග් ලකුනු නොලබා දැවීයද්දි හුදකලා ඉනිමක නිරතවෙමින් ලකුනු 17(29) ක් රෑස්කල ගස් ඇට්කින්සන්ව ඉන්දිය කණ්ඩා‍යම අවසන් කඩුල්ල ලෙස දවාගත්තා.

අද දිනයේ දවාගත් කඩුලු 4 න් 3 ක්ම මොහොමඩ් සිරාජ් විසින් දවාගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...