Watch : උඩ පන්දුව රැකගෙනත් සිරාජ්ට වෙච්චි අකරතැබ්බය මෙන්න

Date:

සංචාරක ඉන්දිය කණ්ඩා‍යම සහා එංගලන්ත කණ්ඩා‍යම ක්‍රීඩා කරන තීරණාත්මක 5 වන සහා අවසන් ටෙස්ට් තරගය අද(3) දිනයේ සිව්වන දිනයටත් ලන්ඩන් හී කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

සිව්වන ඉනිම ක්‍රියාත්මක කරන එංගලන්ත කණ්ඩා‍යම ඉන්දිය කණ්ඩා‍යම දුන් ලකුනු 374 ක ඉලක්කය හඹායමින් සිටින අතර අද උදෑසන භාගයේදී බෙන් ඩකට් ලකුණු 54 කට දැවී ගියා. අනතුරුව නායක ඔලී පෝප්ව දවාගැනීමට මොහොමඩ් සිරාජ් සමත්වුණේ ඔහු ලකුණු 27 ක් ලබා සිටියදීයි.

පසුව සිව්වන කඩුල්ලට වටිනා සබඳතාවක් ජෝ රූට් සමගින් හැරී බෲක් ගොඩනගමින් සිටින අතරතුරදී ප්‍රසිද් ක්‍රිශ්නා යොමු කල පන්දුවකට හැරී බෲක් එල්ල කල පහරකින් පසුව පන්දුව හයේ සීමා ඉර අසලදී උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට මොහොමඩ් සිරාජ්ට හැකි වූ නමුත්, ඔහු නොදැනුවත්ව සීමා ඉර පාගනු ලැබුවේ බෲක්ව දවා ගැනීමට තිබූ අවස්ථාවක් ව්‍යාර්ථ කරමිනුයි.

ප්‍රසිද් ක්‍රිශ්නා එම අවස්ථාවේදී එය සාර්ථක ලෙස රැක ගත්තේ යැයි සිතා කඩුල්ල සමරනු ලැබූ අයුරු ද දැක ගත හැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...