ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට දින නියම වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 6 වන අදියර නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරග කොළඹ R. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ සහ රංගිරි දඹුලු යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනේදී පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍යයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට සෑම වසරකදීම සැලසුම් කර ඇත්තේ අගෝස්තු මාසයේදීයි.

කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී නොපවත්වා තරගාවලිය දෙසැම්බර් මාසයේදී මෙලෙස පැවැත්වෙන්නේ සිව්වැනි වරට වීම විශේෂත්වයක්.

පෙබරවාරි මාසයේදී ආරම්භ වන 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය අරමුණු කර ගනිමින් දෙසැම්බර් කාල රාමුව තුළ LPL තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බවයි LPL තරගාවලියේ අධ්‍යක්ෂ, සමන්ත දොඩන්වෙල මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් හයක් එක්වීමට ඉඩ ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ සදහා මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතින බව සදහන්.

කෙසේ වෙතත්, මෙම වසර මුලදී Jaffna Kings හා Colombo Strikers කණ්ඩායම් සමග පැවැති ගිවිසුම්වලින් ඉවත් වීමට ද තරගාවලියේ සංවිධායකයින් පියවර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...