“ඒකාන්තයෙන්ම නැහැ” දෝනිගෙන් චෙන්නායි ප්‍රේක්ෂකයින්ට සහතිකයක්

Date:

තමා අද(1) තරගයෙන් පසුව ක්‍රිකට් පිටියෙන් සමු නොගන්නා බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක සහ ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.

කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායමට එරෙහි අද තරගය ආරම්භ වීමට පෙර කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවට එක්වෙමින් දෝනි ඒ බව සදහන් කළා.

දෝනි මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගෙන ඇති අතර, මෙවර අයි.පී.එල් තරග වාරයේ දී ඔහු සැලකිය යුතු දක්ෂතාවයක් පිතිකරණයෙන් දැක්වීමට සමත් වූයේ නැහැ.

එමෙන්ම චෙන්නායි කණ්ඩායම ද මෙවර තරගාවලියේ අවසන් වටයට ද සුදුසුකම් ලැබීමට සමත් නොවීම හේතුවෙන් එම්.එස් දෝනිගේ අනාගත ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට පවතින්නේ සැක සහිත බවක්.

ඒ අනුව අද තරගය චෙන්නායි පිල වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය වනු ඇත්දැයි කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේ දී නිවේදකයා විසින් දෝනිගෙන් විමසූ අවස්ථාවේ දී දෝනි සදහන් කළේ “ඒකාන්තයෙන්ම නැහැ” යනුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...