ACC මහා සභා රැස්වීම අවසන් ; ආසියානු කුසලානය ගැන ඇහෙන අලුත්ම පුවත මෙන්න

Date:

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීම අද(24) බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වුණා.

කෙසේ වෙතත්, මෙම රැස්වීම සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධ වුණේ මාර්ගගත ක්‍රමවේද (virtually) හරහායි.

මෙම රැස්වීමේදී එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබූ බවයි වාර්තා වන්නේ.

ඉන්දු-පාකිස්තාන යුදමය හා දේශපාලන උණුසුම හමුවේ ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත වී තිබුණත්, මේ වන විට පවතින තත්ත්වය අනුව තරගාවලිය පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බව සදහන්.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් ආසියානු ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කර නැහැ. තරගාවලියේ සත්කාරක අයිතිය හිමි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඒ පිළිබද ඉදිරියේදී සිය තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීම බංග්ලාදේශයේ පැවැත්වීම හේතුවෙන් ඊට එක් නොවීමට ඉන්දියාව තීරණය කර තිබූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඊට එක් නොවන බවයි මීට පෙර වාර්තා පලව තිබුණේ.

කෙසේ වෙතත්, සාමාජික රටවල් විසි පහම (ඇතැමුන් මාර්ගගතව) මෙම රැස්වීම සදහා එක් වූ බව ආසියානු ක්‍රිකට් කවුන්සලයේ හා පාකිස්තාන ක්‍රිකට් කවුන්සලයේ සභාපති Mohsin Naqvi සදහන් කළා.

“ආසියානු කුසලානය පිළිබඳ තීරණය ඉක්මනින්ම ලැබේවි. ස්ථානය සහ කාලසටහන ද ප්‍රකාශයට පත් කරාවි.” යනුවෙන් ඔහු සදහන් කළා.

විස්සයි 20 තරග රටාවෙන් මෙවර පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සදහා රටවල් අටක් එක්වීමට නියමිතයි. ටෙස්ට් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය හැරුණු විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය හා හොංකොං යන රටවල් ද තරගාවලියට එක් වනු ඇති.

සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා දක්වා තරග 19 කින් යුත් තරගාවලිය පැවැත්වීමට ඉඩ ඇති නමුත්, සැප්තැම්බර් 10 වැනිදාට පෙර ද තරගාවලිය ආරම්භ වීමට ඇතැම් විට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ නිල සත්කාරක රට ඉන්දියාව වන නමුත්, තරගාවලිය එක්සත් අරාබි අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හා අබුඩාබිහීදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...