Watch : හාස්‍යජනක ලෙස ඉෆ්ටිකාර්ට ගිලිහී ගිය දික්වැල්ලගේ උඩ පන්දුව මෙන්න

Date:

Global Super League විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේදී රාන්ග්පූර් රයිඩර්ස් ක්‍රීඩක ඉෆ්ටිකාර් අහ්මඩ් අතින් ගිලිහී ගිය උඩ පන්දුවක් මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

ගයානාහී පැවැති මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රයිඩර්ස් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල ද මෙම තරගයේදී කැපිටල්ස් පිල නියෝජනය කළ නමුත්, ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 9(12) ක් පමණයි.

ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 32 කින් නොදැවී ලකුණු 41 ක් ලබා ගනිමින් රයිඩර්ස් ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේදී ඔහු ලකුණු 23 කට බිද හෙලූ කඩුලු ගණන 1 ක්.

කැපිටල්ස් ඉනිමේ සිව්වැනි පන්දුවාරය ඉෆ්ටිකාර් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ එක් පන්දුවකට දික්වැල්ල එල්ල කළ පහරකින් පසුව පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ඉෆ්ටිකාර් අහ්මඩ් උත්සාහයක නිරත වුණා. කෙසේ වෙතත්, එය නිසි අයුරින් රැක ගැනීමට ඔහුට නොහැකි වූ අතර, එම ගිලිහී ගිය ආකාරය මෙන්ම අනතුරුව ඔහු ඊට දැක් වූ ප්‍රතිචාරය බොහෝ දෙනෙකුගේ අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...