Watch : ක්‍රව්ලිගේ හොර වැඩ නිසා ඉන්දීය හා එංගලන්ත ක්‍රීඩකයින් අතර උණුසුම් තත්ත්වයක්

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය සෙනසුරාදා (12) නිමා වුණේ තරගය කණ්ඩායම් දෙකටම තවදුරටත් විවෘත කරමින්.

ලෝඩ්ස්හීදී පැවැත්වෙන තරගය තෙවැනි දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියා. ඒ, එංගලන්තය ලබා ගත් ලකුණු 387 ට පිළිතුරු ලෙසයි.

ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා ද ලකුණු 387 කට දැවී යාම විශේෂත්වයක්. කේ එල් රාහුල් ලකුණු 100 ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 74 ක් ලබා ගත්තා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 72 යි.

දිනය නිමා කරන විට එංගලන්තය ලකුණු දෙකක් ලබා සිටියා. ඔවුන් එක් පන්දුවාරයකට පමණක් මුහුණ දුන් අතර, එම පන්දුවාර ජස්ප්‍රිට් බුම්රා විසින් යොමු කරනු ලැබුවා.

තෙවැනි දිනයේදී තවත් පන්දුවාරයක් ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීම සදහා එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි පළමු පන්දුවාරය තුළ අවස්ථා දෙකකදී කාලය කා දැමීම සදහා උපක්‍රමශීලීව කටයුතු කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

එම පන්දුවාරයේ තෙවැනි පන්දුව යොමු කිරීමට බුම්රා දිව එන අතරතුර සැක් ක්‍රව්ලි එක් වරම එම පන්දුවට මුහුණ දීමට සූදානම් නොමැති බව පවසමින් කඩුල්ල අසළින් ඉවත් වුණා. එම අවස්ථාවේදී ඉන්දීය ක්‍රීඩකයින් හා සැක් ක්‍රව්ලි අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

අනතුරුව එම පන්දුවාරයේ 5 වැනි පන්දුව අත් ආවරණයේ වැදීම නිසා ක්‍රව්ලි විසින් වෛද්‍ය සහය ඉල්ලා සිටීම ඉන්දීය ක්‍රීඩකයින් දැඩි ලෙස කෝප වීමට හේතු වුණා.

අනතුරුව ඉන්දීය නායක ෂුබ්මන් ගිල්, සැක් ක්‍රව්ලි මෙන්ම බෙන් ඩකට් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, තත්ත්වය පාලනය කිරීමට විනිසුරුවන්ට ද මැදිහත් වීමට සිදු වුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...