ලොකු හයේ පහරවල් ගහන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සතියක පුහුණුවක්

Date:

ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ Power-Hitting හෙවත් දැවැන්ත පහරවල් එල්ල කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සතියක පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, Power-Hitting විශේෂඥයෙකු වන ජූලියන් වුඩ්ගේ සේවය ලබා ගනිමින්.

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහරදීමේ ශිල්පීය ක්‍රම වැඩිදියුණු කිරීමට සහ ප්‍රබල පහරවල් එල්ල කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ජූලියන් වුඩ් ජාතික පුහුණුකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට නියමිතයි.

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය, පිරිමි T20 ලෝක කුසලානය, ආසියානු කුසලානය සහ අනෙකුත් ජාත්‍යන්තර තරග සඳහා සූදානම් වීමේ ශ්‍රී ලංකා සැලසුම්වල පියවරක් ලෙසයි මෙම වැඩසටහන සංවිධාන කර ඇත්තේ.

වුඩ් මීට පෙර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB), Gloucestershire CCC, Hampshire CCC, Middlesex CCC, සහ Punjab Kings කණ්ඩායම් සමග ද කටයුතු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...