ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවයි

Date:

තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන හිටපු නායක දසුන් ශානක හා චාමික කරුණාරත්න ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතයට යළි කැදවා ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි Newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලිය වෙනුවෙනුයි මෙම කැදවීම සිදු කර ඇත්තේ.

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම කැදවීම සිදු කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් විස්සයි 20 සංචිතය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය ජූලි 10, 13 හා 16 යන දිනවලදී මහනුවර පලලේකැලේ, රංගිරි දඹුලු හා කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...