Watch : ස්ටොක්ස් හා විනිසුරු ගැටුම

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන  දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී තුන්වෙනි දිනය අදයි.

දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටියා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 587 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 407 ක්.

මේ වන විට ඉන්දියාව ලකුණු 244 ක් ඉදිරියෙන් පසුවනවා.

ඉන්දීය දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස යශස්වි ජයිස්වාල් දැවී යාම  තරමක් මත භේදයට තුඩු දුන්නා.

ඒ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යාමෙන් අනතුරුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය හරහා එහ අභියෝගයට ලක් කිරීමට ඔහු කටයුතු කිරීමත් සමගයි.

එහිදී ඔහු නියමිත කාලය පසු වීමට පෙර DRS ක්‍රමවේදය තමන්ට අවශ්‍ය බවට විනිසුරු වෙත සංඥා නොකළ බවටයි එංගලන්ත නායක ස්ටොක්ස්  චෝදනා කර සිටියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...