හේසල්වුඩ්ගේ කඩුලු පහ හමුවේ ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

Date:

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩා‍යම සමග පැවැති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද (28) අලුයම නිමාවට පත්වුණේ ඕස්ට්‍රේලියාවට ලකුණු 159 ක විශිෂ්ට ජයග්‍රහනයක් හිමි කරදෙමින්.

එහිදී සිය දෙවැනි ඉනිමේදී ජයග්‍රහනය සඳහා ලකුණු 301 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ලකුණු 141 කට සීමා කිරීමට ජොශ් හේසල්වුඩ් ප්‍රමුඛ ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත්වුණා. එම ඉනිමේදී හේසල්වුඩ් ලකුණු 43 කට බිඳ හෙලු කඩුලු සංඛ්‍යාව 5 ක්.

බාර්බඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාගනයේදී පැවැති මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම ඉනිම ලකුණු 180 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුණා. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජේයිඩන් සීල්ස් කඩුලු 5 ක් බිඳ හෙලූ අතර, ශමාර් ජෝසප් කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 190 ක් පමණයි. එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් කඩුලු 3 ක් දවා ගත්තා.

දෙවන ඉනිම ක්‍රියාත්මක කළ ඕස්ට්‍රේලියාවේ මුල් කඩුලු 4 ම ලකුණු 65 ක් තුල බිඳ වැටුණා. නමුත්, ට්‍රැවිස් හෙඩ්, බෙවු වෙබ්ස්ටර් සහ ඇලෙක්ස් කේරී ඕස්ට්‍රේලියා දෙවන ඉනිම ගොඩ නැගීමට සමත්වුණා. ඔවුන් දෙවන ඉනිම ලකුණු 310 ක් දක්වා රැගෙන ගියා.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 61ක්, බෙයු වෙබ්ස්ටර් ලකුණු 63 ක් සහ ඇලෙක්ස් කේරී ලකුණු 65 ක් රැස්කළා.

යළිත් වතාවක් සාර්ථක පන්දු යැවීමක් ප්‍රදර්ශනය කල ශමාර් ජෝසප් කඩුලු 5 ක් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව ලකුණු 301ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව්වන්ට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...