ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක්

Date:

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය හා සැසදීමේදී මෙම සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වූ මිලාන් රත්නායකට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට විශ්ව ප්‍රනාන්දු සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දීමත් සමග පුරප්පාඩු වූ සංචිතයේ ස්ථානය වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 25 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...