පැතුම්ගේ 187 හමුවේ තෙවැනි දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට

Date:

පැතුම් නිස්සංකගේ සුපිරි ශතකය හමුවේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (19) නිමා වුණේ දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 368 ක්.

පැතුම් පන්දු 256 කින් ලකුණු 187 ක් ලබා සිටියදී දැවී ගියේ හසාන් මහ්මුද් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. ඔහු වාර්තා කළ සුපිරි ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 23 ක් ඇතුළත්.

පැතුම් සමග ඉනිම ආරම්භ කළ ලහිරු උදාර ලකුණූ 29 ක් රැස් කළා. මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගයයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 54 කට දැවී යාමෙන් පසුව සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් පිටියට පිවිසි අතර, ඔහු ලකුණු 39 කට දැවී ගියා.

කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 37 ක් හා ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේදී හසාන් මහ්මුද්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසාන් හා මොමිනුල් හක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 495 ක්. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තවත් ලකුණු 127 ක් පිටුපසින් රැදී සිටිනවා.

බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 163 ක් ද, නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 148 ක් ද, ලිටොන් දාස් ලකුණු 90 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 86 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මිලාන් රත්නායක හා මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන තරිදු රත්නායක කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...