Watch : වෙහෙස මැද අසිතගේ සුපිරි උපක්‍රමයට රහීම් ගොදුරු වූ හැටි

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (18) දිනයේදී බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් දවා ගැනීම සදහා අසිත ප්‍රනාන්දු ගත් උත්සාහය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

දිනය නිමා වන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484 ක් ලබා සිටි අතර, රහීම් ලකුණු 163 ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

ඔහු දැවී ගියේ අසිතගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවයි.

එම දැවී යාමට පෙර අසිත විසින් පන්දු රැසක් පිතිකරුවාගෙන් පිටතට ඇදී යන ලෙස දෝලනය කරමින් යොමු කළ අතර, ඉන් පසුව උපක්‍රමශීලී ලෙස කඩුල්ල වෙත යොමු කළ පළමු පන්දුවේදීමයි රහීම්ට සිය කඩුල්ල අහිමි වුණේ.

එම අවස්ථාව වන විට පන්දුවාර රැසක් යොමු කර සිටි අසිත ප්‍රනාන්දු ද දැඩි වෙහෙසට පත්ව සිටි පසුබිමකයි එම කඩුල්ල දවා ගැනීමට අසිතට හැකි වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...