ශන්තෝ, රහීම් හා ලිටොන්ගේ සුපිරි ඉනිම්වලින් පසු ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව යළි සටනට

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (18) නිමා වුණා.

දිනය නිමා වන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 484 ක්.

දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 148 කට දැවී ගියා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 163 ක් ලබා ගත්තා. ලිටොන් දාස් ලකුණු 90 යි. රහීම් හා ශන්තෝ සිව්වැනි කඩුල්ලට ලකුණු 264 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, රහීම් හා ලිටොන් අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 149 ක්.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා තරිදු රත්නායක කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අද දිනයේදී දැවී ගිය බංග්ලාදේශයේ අවසන් කඩුලු පහ ලකුණු 26 ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...