ශන්තෝ-රහීම් බංග්ලාදේශය ප්‍රබල තැනකට රැගෙන යයි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩා‍යම සහා ශ්‍රි ලංකා කණ්ඩායම අතර අද (17) ගාල්ලේදී ආරම්භ වු පළමු ටෙස්‍ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට කඩුලු 3 ක් බිඳ වැටී ලකුනු 257 ක සාර්ථක ඉනිමක් ගොඩනැගීමට බංග්ලාදේශය සමත්වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නායක නජ්මුල් සන්තෝ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර එලෙසින් පිටියට පිවිසි ඔවුන්‍ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකියාව ලැබුනේ නැහෑ.

බංග්ලාදේශයේ මුල්පෙළ කඩුලු 3 ම ලකුනු 45 ක් තුල බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුනා.

කෙසේ නමුත් සිව්වන කඩුල්ලට නායක
සන්තෝ සමගින් පිටියේ එකතු වුන මුශ්ෆිකර් රහීම් ලකුනු 247* ක ඉතාමත් විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගුවා.

දිනය නිමාවන විට ඔවුන් දෙදෙනාව දවාගැනීමට ශ්‍රි ලංකා පන්දුයවන්නන්ට කිසිඳු හැකියාවක් ලැබුනේ නැහෑ. නායක නජ්මුල් සන්තෝ ලකුනු 136*(260) ක් ද මුශ්ෆිකර් රහීම් ලකුනු 105*(186) ක්ද රැස්කර කඩුල්ලේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...