බැංගලෝර් පිල පරදා හයිදරාබාදය 4 වැනි තැනට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 52 වන තරගයෙන් ඔවුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තා.

ජොෂ් පිලිපී ලකුණු 32ක් සහ ඒ.බී.ඩි විලියස් ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා සහ ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 14.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ව්රිධිමන් සහා ලකුණු 39ක්, මනීෂ් පාන්ඩේ ලකුණු 26ක් සහ ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහෙල් කඩුලු 2ක් බිද හෙලූ අතර, ඉසුරු උදාන, නව්දීප් සයිනි සහ වොෂින්ටන් සුන්දර් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඉසුරු උදාන විසින් බිද හෙලුවේ කේන් විලියම්සන්ගේ කඩුල්ලයි. (දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

මෙම ජයත් සමග හයිදරාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ප්‍රසාද ලකුණු 12ක් හිමි කර ගනිමන්.

බැංගලෝ කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 14ක් හිමි කර ගෙන ඇති අතර, අද පැවැති තරගයෙන් ජය ගත්තේ නම් නියත වශයෙන්ම ඔවුන්ට අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව පැවතුණා.

මේ වන විට සියලු කණ්ඩායම් තරග 13 බැගින් ක්‍රීඩා කර ඇති අතර, මුම්බායි කණ්ඩායම පමණක් අවසන් වටයට සුදුසකම් ලබා තිබෙනවා.

අවසන් වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව අහිමි වී ඇත්තේ තවමත් චෙන්නායි කණ්ඩායමට පමණයි.

ඒ අනුව අනෙක් කණ්ඩායම් හයටම තවදුරටත් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා.

bcci / ipl t20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...