ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී ප්‍රධාන සම්මාන බෙදී ගියේ මෙහෙමයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ 2024 වසරට ක්‍රිකට් සම්මන ප්‍රදානෝත්සවය අද(9) රාත්‍රියේ කොළඹදී පැවැත්වුණා.

එහිදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට කමිදු මෙන්ඩිස් සමත් වූ අතර, වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ චමරි අතපත්තු විසිනුයි.

වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ජනිත් ලියනගේ හිමි කර ගත්තා.

වසරේ ටෙස්ට් ක්‍රිකට් හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය ධනංජය ද සිල්වා දිනා ගනිද්දී, හොදම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරියත්, හොදම ටෙස්ට් පිතිකරු ලෙස කමිදු මෙන්ඩිස් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ හොදම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේ චරිත් අසලංක විසිනුයි. හොදම එක්දින පිතිකරු ලෙස පැතුම් නිස්සංක ද, හොදම එක්දින පන්දු යවන්නා ලෙස වනිදු හසරංග ද සම්මාන හිමි කර ගත්තා.

වසරේ හොදම විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය ද වනිදු හසරංග හිමි කර ගත්තා. හොදම විස්සයි 20 පන්දු යවන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ද වනිදු හසරංගයි. කුසල් මෙන්ඩිස් වසරේ හොදම විස්සයි 20 පිතිකරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

චමරි අතපත්තු වසරේ හොදම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව, හොදම එක්දින පිතිකාරිණිය, හොදම විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩිකාව, හොදම විස්සයි 20 පිතිකාරිණිය හා හොදම විස්සයි 20 පන්දු යවන්නිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ හොදම එක්දින පන්දු යවන්නිය වූයේ කවීෂා දිල්හාරි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...