ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද – නිර්දේශිත නාම නිවේදනය කෙරේ

Date:

ගෙවී ගිය 2024 වසරේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දරන ලද සියලු කැප කිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කෙරෙන ‘හෝම් ලෑන්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2024‘ ප්‍රධානෝත්සවය අද (ජුනි 09 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබෙනවා. රාත්‍රී 7.00ට කොළඹ දී එම සම්මාන උළෙල ආරම්භ වනවා.

‘හෝම් ලෑන්ඩ්“ සමාගම් සමූහයේ ප්‍රධාන අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙවර ක්‍රිකට් සම්මාන ප්‍රධානයේදී පිරිනැමෙන සමස්ථ සම්මාන සංඛ්‍යාව 46 ක්.

එහිදී ජාත්‍යන්තර තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සම්මාන ලබද්දී දේශීය තරග අංශය යටතේ සම්මාන 20 ක් පිරිනැමෙනු ඇති.

මෙම සම්මාන ප්‍රදානයේදී දක්ෂතම දේශීය තරග විනිසුරුවරයාට මෙන්ම තරග තීරකවරයාටද සම්මාන පිරිනැමීමට නියමිතයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතයෙන් වැඩි කාලයක් ඒ සඳහා කැප කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ඇතුළත්ව පුද්ගලයින් හය දෙනෙකුටද මෙවර සම්මාන ප්‍රදානයේදී ඇගැයිම් සම්මාන පිරිනැමෙනවා.

විචිත්‍රවත් අංග රැසකගෙන් සමන්විතව පැවැත්වෙන මෙවර සම්මාන ප්‍රධානයේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී වීමට නියමිතයි.

මීට අමතරව එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද හිටපු ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ ආයතනික අංශ නියෝජනය කරනු ලබන ව්‍යවසායකයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

සම්මාන සදහා නිර්දේශ වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...