වසර 18 ක උත්සාහයකින් පසු RCB පිල IPL ශූරතාවය දිනයි

Date:

වසර 18 ක උත්සාහයෙන් අනතුරුව පළමු වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, 2025 අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පංජාබ් කිංග්ස් පරදා ලකුණු හයක තියුණු ජයක් වාර්තා කරමින්.

අහ්මදාබාද්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 190 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

විරාත් කෝලි ලකුණු 43(35) කට දැවී ගිය අතර, නායක රාජත් පටිදර් ලකුණු 26 යි. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 25 ක් ද, මයාන්ක් අගාර්වල් හා ජිටේෂ් ෂර්මා ලකුණු 24 බැගින් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං හා ක්යිල් ජමීසන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 184 ක් පමණයි.

ශශාන්ක් සිං පන්දු 30 කින් නොදැවී ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර 6 ක් හා හතරේ පහර 3 ක් සමගින්. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 39(23) යි. ආරම්භක පිතිකරුවන් වූ ප්‍රබ්සිම්රන් සිං ලකුණු 26 කට හා ප්‍රියාන්ශ් ආර්යා ලකුණු 24 කට දැවී ගියා.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් හා කෘනාල් පාන්ඩ්යා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...