ඉන්දු-පාකිස්තාන යුද ගැටුම් නිසා පාකිස්තාන සුපර් ලීගයට DRS තාක්ෂණය අහිමි වෙලා

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග කිහිපය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (Decision Review System) (DRS) නොමැතිව පැවැත්වීමට සිදුව තිබෙනවා.

ඒ, ඉන්දියාව හා පාකිස්තානය අතර ආරම්භ වූ යුද උණුසුමත් සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය තාවකාලිකව අත්හිටුවා යළි ආරම්භ කළ අවස්ථාවේදී DRS තාක්ෂණය ලබා දෙන Hawk-Eye කණ්ඩායම යළි පාකිස්තානයට නොපැමිණීම හේතුවෙන්.

2017 වසරේ සිට DRS තාක්ෂණය පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට යොදා ගැණුනු අතර, මැයි 7 වැනිදා තරගාවලිය තාවකාලිකව අත්හිටුවන අවස්ථාව දක්වා DRS තාක්ෂණය තරගාවලියට යොදා ගත්තා.

තරගාවලිය නැවත ආරම්භ කිරීමෙන් පසුව පැවැති පළමු තරග පහේදී කිසිදු ගැටලුවකින් තෙරව විශේෂ සිදුවීමක් හෝ මතභේදාත්මක සිද්ධියක් සිදු නොවී තරග පැවැත්වුණා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය හෝ පාකිස්තාන සුපර් ලීග් සංවිධායකයින් මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...