Watch : සිරාජ්ගේ වාග් ප්‍රහාරයට පූරාන් පිත්තෙන් එලව එලවා පහර දුන් හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගයේදී ගුජරාට් ටයිටන්ස් වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් හා ලක්නව් සුපර් ජයන්ට්ස් පිතිකරු නිකලස් පූරාන් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වන ආකාරයක් දැක ගත හැකි වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් ඉනිමේ 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, එම පන්දුවේදීයි පළමුව සිරාජ් විසින් පිතිකරණයේ නිරතව සිටි පූරාන්ට යමක් පවසන ආකාරයක් දැක ගත හැකි වුණේ.

අනතුරුව ඊළග පන්දුවේදීද ඒ ආකාරයෙන්ම ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදු වුණා.

පසුව ඊට ප්‍රබල ප්‍රතිචාරයක් පිත්තෙන් ලබා දුන් පූරාන් එම පන්දුවාරයේ 5 වැනි හා 6 වැනි පන්දුවලට පිළිවෙලින් හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කිරීම විශේෂත්වයක්.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...