බංග්ලාදේශයට අමිහිරි පරාජයක් සමග UAE පිලට ඓතිහාසික තරගාවලි ජයක්

Date:

අයි.සී.සී පූර්ණ සාමාජික රටකට එරෙහිව වාර්තා කළ දෙවැනි විස්සයි 20 තරගාවලි ජයග්‍රහනය වාර්තා කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින්.

දෙරට අතර පැවැති අවසන් විස්සයි 20 තරගයෙන් එක්සත් අරාබිය කඩුලු 7ක ජයක් වාර්තා කළා.

සාජාහීදී පැවැති තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 162 ක් ලබා ගනිමින්.

ඒ, ඔවුන්ගේ ඉනිමේ කඩුලු 8ක් ලකුණු 84 ක් තුළ බිද හෙලීමට UAE පන්දු යවන්නන්ට හැකි වූ පසුබිමකයි.

එහිදී බංග්ලාදේශ මැද පෙල වැනසූ හෙයිදර් අලී පන්දුවාර 4 තුළදී කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 7 ක් පමණක් ලබා දෙමින්.

කෙසේ වෙතත්, ජේකර් අලී ලබා ගත් ලකුණු 41(34) න් ශක්තිමත් වෙමින් බංග්ලාදේශය සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කළා. ආරම්භක පිතිකරු ටන්සිඩ් හසාන් ලකුණූ 40(18) යි.

පිළිතුරු ලෙස UAE පිල පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අලිෂාන් ශරෆු නොදැවී ලකුණු 68 ක් ලබා ගත්තේ පන්දු 47 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්. අසිෆ් ඛාන් නොදැවී ලකුණූ 41(26) යි.

දෙරට අතර පැවැති පළමු විස්සයි 20 තරගයෙන් බංග්ලාදේශය ලකුණු 27 ක ජයක් ලැබූ අතර, දෙවැනි විස්සයි 20 තරගයෙන් UAE කණ්ඩායම කඩුලු දෙකක තියුණු ජයක් හිමි කර ගත්තා.

මීට පෙර 2021 වසරේ දී එක්සත් අරාබිය විසින් අයර්ලන්තය පරදා ද විස්සයි 20 තරගාවලි ජයක් වාර්තා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...