බ්‍රැත්වෙයිට් වෙනුවට පත් කෙරුණු කොදෙව් නව ටෙස්ට් නායකයා නිවේදනය කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සදහා නව නායකයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ රොස්ටන් චේස් එරට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරියේදී කටයුතු කරන බවයි.

සිකුරාදා පැවැති කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඔහුගේ පත් කිරීම ඒකමතිකව අනුමත කර තිබෙනවා.

මීට පෙර කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් කටයුතු කළ අතර, ඔහු මෑතකදී එම ධූරයෙන් ඉවත් වුණා.

ජූනි 25 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන ටෙස්ට් තරගාවලිය රොස්ටන් චේස්ගේ නායකත්වය යටතේ කොදෙව්වන් ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය වනු ඇති.

කොදෙව් එක්දින කණ්ඩායමේ නායක ෂේයි හෝප් එරට විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස ද පත් කර කිරීමට මීට පෙර කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...