IPL යළි ඇරඹෙන දිනය නිවේදනය කෙරේ – නව කාලසටහන මෙන්න

Date:

තාවකාලික අත්හිට වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන 17 වැනිදා සිට ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

මැයි 17 වැනිදා සිට ජූනි 3 වැනිදා දක්වා ඉතිරි තරග 17 පැවැත්වෙන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

ඉන්දියාව හා පාකිස්තානය අතර ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙන් තරගාවලිය පසුගිය 9 වැනිදා සතියක කාලයක් සදහා අත්හිටුවනු ලැබුවා.

තරගාවලියේ මූලික වටයට අයත් ඉතිරි තරග බැංගලූරු, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි හා අහ්මදාබාද්හීදී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ඉදිරියේදී නිවේදනය කෙරෙනු ඇති.

අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) මැයි 29 වැනිදා ද, Eliminator තරගය මැයි 30 වැනිදා ද, Qualifier 2 තරගය ජූනි පළමු වැනිදා ද, අවසන් මහා තරගය ජූනි 3 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

පසුගිය 8 වැනිදා ආරක්ෂක ගැටලු හේතුවෙන් අතරමගදී නතර කෙරුණු පංජාබ් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් අතර තරගය ද යළි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

සංශෝදිත තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...