කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමිනුයි.

36 හැවිරිදි ඔහු වසර 14 ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැදී සිටියා. එහිදී ඔහු තරග 123 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 9,230 ක්. ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 46.85 ක් ලෙසයි.

නමුත්, ඔහු පසුගිය කාලයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියේදී සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේ නැහැ.

ජූනි 20 වැනිදා එංගලන්තයේදී තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියක් ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි කෝලි අද මෙලෙස සිය සමු ගැනීම නිවේදනය කළේ.

මාසයක පමණ කාලයක් තිස්සේ විරාත් කෝලි සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන් අතර ඔහුගේ විශ්‍රාම ගැනීම පිළිබද සාකච්ඡා සිදු කර තිබූ බව ද මීට පෙර ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

විරාත් කෝලි ටෙස්ට් තරග 68 කදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ද ලබා දුන් අතර, ඉන් තරග 40 ක් ඉන්දියාව ජය ගත්තා. පරාජයට පත් වූ තරග ගණන 17 ක්. ඒ අනුව කෝලි ඉතිහාසගතව ඇත්තේ ඉන්දියාව බිහි කළ සාර්ථකම ටෙස්ට් නායකයා ලෙසයි.

පසුගියදා ඉන්දීය නායක රෝහිත් ෂර්මා ද ටෙස්ට් පිටියට සමු දීමට තීරණය කළ පසුබිමක කෝලි ද මෙලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබීම කැපී පෙනෙනවා.

ඔවුන් දෙදෙනා මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ද සමු දුන් අතර, ඒ අනුව රෝහිත් හා කෝලි ඉදිරියේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පමණක් රැදී සිටිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...