Watch : 2025 IPL තරගාවලියේ සිය හොදම පන්දු යැවීම පතිරණ වාර්තා කළ හැටි – 36/3

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගයේදී කඩුලු 3 ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(3) සමත් වුණා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිව මෙම තරගය බැංගලූරුහීදී ආරම්භ වූ අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු පිල කඩුලු 5 ක් දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

විරාත් කෝලි ලකුණූ 62(33) ක් හා ජේකබ් බෙතෙල් ලකුණු 55(33) ක් ලබා ගත් අතර, අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රවේගකාමී ඉනිමක් දියත් කළ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 14 කින් නොදැවී ලකුණු 53 ක් ලබා ගැනීම කැපී පෙනුණා. එය අයි.පී.එල් ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ සම දෙවැනි වේගවත්ම අර්ධ ශතකයයි.

මතීෂ පතිරණ සිය පළමු පන්දුවාර තුන තුළ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගෙන තිබූ නමුත්, අවසන් පන්දුවාරයේදී ඔහුට එරෙහිව ලකුණු 21 ක් වාර්තා වීම කැපී පෙනුණා.

ඒ අනුව මතීෂ පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 36 කට කඩුලු 3 ක් බිද හෙලමින්. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ජේකබ් බෙතෙල්, දෙව්දත් පඩික්කල් හා රාජත් පටිදර් යන පිතිකරුවන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...