චෙන්නායි සුපර් කිංග්ස් පළමු වටයෙන්ම ඉවතට

Date:

පස්වරක් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වීමට ඊයේ (30) සිදු වුණා.

ඒ, තරගාවලියේ 49 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීමත් සමගයි.

චෙන්නායිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 190 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් පිල පන්දුවාර 19.4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

පංජාබ් පිල වෙනුවෙන් යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු ත්‍රිත්වයක් ද සමගින් ලකුණු 32 කට කඩුලු 4 ක් දවා ගැනීම විශේෂත්වයක්.

මෙවර තරගාවලියේදී මේ වන විට තරග 10 ක් ක්‍රීඩා කර ඉන් තරග දෙකක් පමණක් ජය ගෙන ඇති චෙන්නායි පිලට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...