සම්පා හා ෆර්ගසන් IPL තරගාවලියෙන් ඉවතට

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පා දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා. ඒ, ඔහු මුහුණ දී සිටින උරහිසක ආබාධයක් හේතුවෙන්.

සම්පා මෙවර තරගාවලියේදී සන්රයිසස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරග දෙක සදහා ක්‍රීඩා කළ නමුත්, අනතුරුව පැවැති තරග 4 සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුගේ දකුණු උරහිසේ සිදු වූ ආබාධය හේතුවෙන් සම්පාට අහිමි වුණා.

පසුව ඔහු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

සම්පා වෙනුවට R Smaran සංචිතයට ආදේශ කිරීමටයි සන්රයිසස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

මේ අතර, පංජාබ් කිංග්ස් වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට ද මෙවර තරගාවලියේ ඉතිරි තරග අහිමි වනු ඇති බව එම කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ජේම්ස් හෝප්ස් පවසනවා.

පසුගිය සෙනසුරාදා සන්රයිසස් කණ්ඩායම සමග පැවැති තරගය අතරතුරදීයි ෆර්ගසන් වම් පාදයේ ආබාධයකට මුහුණ දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...