මැක්ස්වෙල්ට දඩයක් සමග දඩුවම් ලකුණක්

Date:

පංජාබ් කිංග්ස් තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට තරග ගාස්තුවෙන් 25% ක දඩයක් පනවා තිබෙනවා.

එමෙන්ම ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමටයි අයි.පී.එල් සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

චෙන්නායි සුපර් කිංග්ස් සමග අගහරුවාදා රාත්‍රියේ පැවැති තරගයේදී මැක්ස්වෙල් අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළා.

කෙසේ වෙතත්, ඔහු සිදු කළ වරද සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර නැහැ.

ඔහු විනය නීති සංග්‍රහයේ 2.2 වගන්තිය (abuse of fixtures and fittings during the match) උල්ලංඝනය කර ඇති බවත්, එම වරද මැක්ස්වෙල් විසින් පිළිගත් බවත් තරගාවලියේ සංවිධායකයින් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...