තියුණු අවසානයකින් පසු වසර 10 කට පසු RCB ලැබූ ඓතිහාසික ජය

Date:

2015 වසරෙන් පසුව පළමු වරට මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා තරගයක් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 20 වැනි තරගයෙන් ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 209 ක් පමණයි.

RCB කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 67(42) ක්, රාජත් පටිදර් ලකුණු 64(32) ක් හා ජිටේෂ් ෂර්මා නොදැවී ලකුණු 40(19) ක් රැස් කළා.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් හා හර්ඩික් පාන්ඩ්යා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු මුම්බායි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තිලක් වර්මා. ඔහු පන්දු 29 කින් ලකුණු 56 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

නායක හර්ඩික් පාන්ඩ්යා හයේ පහර 4ක් හා හතරේ පහර 3 ක් සමග පන්දු 15 කින් වේගවත් ලකුණු 42 ක් ලබා ගත් නමුත් මුම්බායි පිල ජයග්‍රහනය කරා රැගෙන යාමට තරම් එය ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී කෘනාල් පාන්ඩ්යා ලකුණූ 45 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...