IPL 2025 : සන්රයිසස් අඛණ්ඩව 4 වැනි තරගය පරදියි – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී අඛණ්ඩව ලැබූ සිව්වැනි පරාජය ද ලැබීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට සිදු වුණා.

ඒ, තරගාවලියේ 19 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබීමත් සමගයි.

හයිදරාබාද්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණූ 152 ක් ලබා ගත් අතර, පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් පිල පන්දුවාර 16.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සන්රයිසස් වෙනුවෙන් කමිදුට මෙම තරගයේදී ලබා ගත හැකි වූයේ පන්දු 5 කින් එක් ලකුණක් පමණයි. ඔහු පන්දු යැවීමේදී එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කළ අතර, එම පන්දුවාරයේදී ප්‍රතිවාදීන් ලකුණු 12 ක් වාර්තා කළා.

ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් සිරාජ් පන්දු යැවීමෙන් ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගත්තා. පිතිකරණයේදී නායක ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 61 ක් රැස් කළේ පන්දු 43 කින්.

මේ වන විට නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව සන්රයිසස් කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවන අතර, පළමු ස්ථානයේ පසුවන්නේ තරග තුනම ජය ගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...