ආසියානු ක්‍රිකට් කවුන්සලයට ශම්මි වෙනුවට නව සභාපතිවරයෙක්

Date:

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ නව සභාපතිවරයා ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi පත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවටයි.

වාර්ෂික මහා සභා රැස්වීමේදී නව පත් වීම තහවුරු කෙරුණු අතර, ඔහු එම ධූරයේ වසර දෙකක කාලයක් කටයුතු කිරීමට නියමිතයි.

2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සාර්ථක ලෙස පැවැත්වීම නව සභාපතිවරයාට පැවරෙන ප්‍රධානම වගකීමක් බවට පත්වනවා.

එම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ඉන්දු-පාකිස්තාන දේශපාලන අර්බුද හේතුවෙන් තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...