Watch : කමිදු මෙන්ඩිස් පළමු පන්දුවාරයෙන්ම දවා ගත් මංගල IPL කඩුල්ල

Date:

සිය මංගල අයි.පී.එල් තරගයේදී තම පළමු අයි.පී.එල් කඩුල්ල දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් අද(3) සමත් වුණා.

කොල්කටාහීදී ආරම්භ වූ තරගාවලියේ 15 වැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි ඔහු සිය මංගල අයි.පී.එල් කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.

තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස Angkrish Raghuvanshi දවා ගනිමින් කමිදු අයි.පී.එල් කඩුලුලාභීන් අතරට එක් වුණා.

දැවී යන විට Angkrish Raghuvanshi පන්දු 32 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 50 ක්.

කමිදු යොමු කළ පළමු පන්දුවාරයේදීමයි ඔහු එම කඩුල්ල දවා ගත්තේ. කමිදු මෙම තරගයේදී එම පන්දුවාරය පමණක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 4 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...