චාමර සිල්වා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක චාමර සිල්වා පත් කර තිබෙනවා.

2025 මාර්තු මාසයේ සිට 2026 වසරේ දෙසැම්බර් මාසය දක්වා ඔහුගේ ධූර කාලය බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව ලබන වසරේදී සිම්බාබ්වේහීදී හා නැමීබියාවේදී පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ද කණ්ඩායමට මග පෙන්වීමේ වගකීමට ඔහුට පැවරෙනවා.

අයි.සී.සී තෙවැනි මට්ටමේ (ICC Level III) පුහුණුකරුවෙකු වන චාමර සිල්වා පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මීට පෙර කටයුතු කර තිබෙනවා.

ඊට පෙර ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ හා පානදුර ක්‍රීඩා සමාජයේ ද පුහුණුකරු ලෙස කටයුතු කළා

චාමර සිල්වා 1999 වසරේ සිට 2011 වසර දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11 ක්, එක්දින තරග 75 ක් හා විස්සයි 20 තරග 16 ක් ක්‍රීඩා කර තිබෙනවා.

2007 හා 2011 වසරවල පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලි දෙක සදහා ද ක්‍රීඩා කළ චාමර සිල්වා 2007 හා 2009 ලෝක විස්සයි 20 තරගාවලි සදහා ද ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...