හෘදයාබාධයකට ලක් වූ තමිම්ගේ අලුත්ම තත්ත්වය

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තමීම් ඉක්බාල් මුහුණ දුන් දරුණු හෘදයාබාධයෙන් පසු මේ වන විට නැවත සිහිය ලබා තිබෙනවා.

Dhaka Premier Division Cricket League තරගාවලිය යටතේ සවාර්හීදී පැවැති Shinepukur ක්‍රිකට් සමාජයට එරෙහි තරයකදී Mohammedan ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටින අතරතුරයි ඔහු මෙම හෘදයාබාධයට ලක්ව තිබුණේ.

අනතුරුව ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබූ අතර, එහිදී ඔහුට හදිසි සැත්කමක් ද සිදු කර තිබුණා. සැත්කමෙන් පසුව යළි සිහිය ලබා ඇති ඔහු පවුලේ සාමාජිකයෙකු සමග ද කතා බහ කළ වෛද්‍යවරු සදහන් කළා.

කෙසේ වෙතත්, තමිම්ට හෘද දැඩි සත්කාරක ඒකකයේ පැය 48 ක කාලයක් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ රැදී සිටීමට සිදු වනවා.

ඊයේ පැවැති අදාළ තරගයේදී Mohammedan ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ තමිම්ට තරගයේ පළමු ඉනිමේදී පන්දු රැකීමට හැකි වූයේ එක් පන්දුවාරයකදී පමණයි.

අනතුරුව පපුවේ ඇති වූ වේදනාව මත ඔහු KPJ රෝහල වෙත පිටත්ව ගොස් තිබුණා.

එහිදී මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ගැස්ට්‍රයිටිස් රෝගයෙන් තමා පීඩා විදින බවටයි එම අවස්ථාවේදී තමිම් ඉක්බාල් ද අනුමාන කර ඇත්තේ.

එම අවස්ථාවේදී වෛද්‍යවරුන් ඔහුට යළි ක්‍රීඩාංගනයට යාමට අවසර ලබා දීමට අකමැත්ත පල කර තිබූ නමුත්, තමිම් යළි ක්‍රීඩාංගනය බලා පිටත්ව යාමට කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු නැවත ක්‍රීඩාංගනයට පැමිණෙන විට, පවුලේ සාමාජිකයෙකු තමීම්ව ඩකා නුවර වෙත රැගෙන යාම සඳහා ගුවන් ගිලන් රථයක් සූදානම් කර තිබූ බව ද සදහන්.

නමුත්, තමිම්ගේ තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් වීම හේතුවෙන් ඔහුට ගුවන් මගින් ඩකා නුවරට පිටත්ව යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

කණ්ඩායමේ භෞතචිකිත්සකවරයාට එම අවස්ථාවේදී තමිම්ගේ ජීවිතය බේරා ගැනීම සදහා පපු තෙරපුම් (CPR) පවා ලබා දීමට සිදුව තිබුණා.

අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් යළි KPJ රෝහල වෙතම ඇතුළත් කෙරුණු තමිම්ට හදිසි සැත්කමක් සිදු කිරීමටයි වෛද්‍යවරු කටයුතු කළේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද තමිම්ගේ සුව දුක් විමසීම සදහා ඊයේ දිනයේදී රෝහල වෙත පැමිණ සිටියා.

36 හැවිරිදි තමිම් පසුගිය ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට පියවර ගත් නමුත්, ඔහු තවදුරටත් දේශීය තරග සදහා ක්‍රීඩා කරමින් සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...