කිෂන්ගේ 106* හමුවේ රාජස්ථාන් පරදා සන්රයිසස් පිලට සුපිරි ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 44 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(23) සමත් වුණා.

හයිදරාබාද්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට සිදු වූ සන්රයිසස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 286 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

එය අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.අයි.පී.එල් තරගයක වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම් අතර පළමු ස්ථානය (287/3) හා තෙවැනි ස්ථානය (277/3) ද හිමිව ඇත්තේ සන්රයිසස් කණ්ඩායමට වීම විශේෂත්වයක්.

ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ට්‍රැවිස් හෙඩ් පන්දු 31 කින් ලකුණු 67 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 9 ක් සමගින්. ඔහු සමග ඉනිම ආරම්භ කළ අභිෂේක් ෂර්මා පන්දු 11 කින් ලකුණූ 24 ක් ලබා ගත්තා.

සුපිරි ශතකයක් වාර්තා කළ ඉෂාන් කිෂන් පන්දු 47 ක් පමණක් වැය කරමින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 106 ක්. හයේ පහර හයක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

හෙන්රික් ක්ලාසන් ලකුණු 34(14) යි. පන්දු යැවීමේදී තුෂාර් දේශ්පන්ඩේ ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 52 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 242 ක් පමණයි.

ද්‍රව් ජුරෙල් පන්දු 35 කින් ලකුණු 70 ක් ලබා ගත්තේ හයේ පහර හයක් හා හතරේ පහර 5 ක් සමගින්.

සංජු සැම්සන් පන්දු 37 කින් ලකුණු 66 ක් ලබා ගත්තා. හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ශිම්රන් හෙට්මයර් ලකුණු 42(23) ක් හා ශබම් ඩූබේ නොදැවී ලකුණු 34(11) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් හා සිමර්ජීත් සිං කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...